Gossips

මේ සතියේ හමුවීමට බැහැ – අල්ජසීරා ICC යට කියයි

ජගත් ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වූ පරිද්දෙන් මෙම සතිය තුළ ඔවුන් හමුවීමේ සූදානමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය අද නිවේදනය කළා.
අල්ජසීරා ගවේශනාත්මක වැඩසටහනක් මගින් ක්‍රිකට් තරග මුදලට පාවා දීමේ සිදුවීම් කිහිපයක් හෙළිදරව් කරමින් ඔවුන් පැවසුවේ අදාළ බලධාරීන්ට සියලූ සාක්ෂි ලබා දීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අදාළ සිදුවීම් පිලිබඳ අපරාධ පරීක්ෂණ සිදු කෙරෙන බැවින් ජගත් ක්‍රිකට් කවුන්සිලයට සංස්කරණය නොකළ දර්ශන ලබා දීම දැන්ම සිදු කල නොහැකි බවයි අල්ජසීරා බලධාරීන් පවසන්නේ.