Gossips

මෙහෙයුම්වලදී 36,255 දෙනෙකු අත්අඩංගුවට

වසරේ මේ දක්වා කාලය තුළ පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 13කින් වරෙන්තුකරුවන් 12,099ක් ඇතුළු සැකකරුවන් 36,255 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් සිද්ධීන් 64,143ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර, අද අලූයම 3 සිට පෙරවරු 7 දක්වා දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීම් සහ ජීව අත්බෝම්බ ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ද ඇතුළත්.