ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීට දඩුවම් පහරක් සාර්ථක ලෙස එල්ල කිරීමට නොහැකිවීම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ වාර්තාවූ සුවිශේෂී සිද්ධියයි.
ඒ අනුව මෙසී නායකත්වය දරණ ආජන්ටිනාව සහ ලෝක කුසලාන පාපන්දු තරගවලට ආධුනික අයිස්ලන්තය අතර පැවති තරගය අවසන් වූයේ දෙපිලම ගෝල එක බැගින් ලබා ජය පරාජයකින් තොරවයි.
එය සැබවින්ම තමා කම්පාවට පත් කළ සිද්ධියක් බව ලියනොල් මෙසී පසුව ප්‍රකාශ කළා.
ඊයේ පැවති තවත් තරගයකදී ඕස්ට්‍රේලියාව පරදවා ගෝල දෙකට එකක ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත්වූ අතර, පේරු රාජ්‍යය පරදවා ඩෙන්මාර්කය ගෝල එකට බින්දුවක ජයක් වාර්තා කළා.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ජයග්‍රාහී ලෙස අවතීර්ණ වූ ක්‍රොඒෂියාව, අප්‍රිකානු නයිජීරියානු පිල පරදවා වාර්තා කළේ ගෝල දෙකට බින්දුවක ජයක්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3 ක් අද පැවැත්වෙනවා.
පළමු තරගයේදී කොස්ටරීකා සහ සර්බියාව තරග වදින අතර දෙවන තරගය පැවැත්වෙන්නේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ ස්විට්සර්ලන්තය අතරයි.
තුන්වන තරගයේදී ජර්මනිය මෙක්සිකෝවට එරෙහිව තරග වදිනු ඇති.