Gossips

මෙවර වෙසක් උත්සවය අප්‍රේල් මස 29 වැනිදාට යොදාගත් හේතුව

ශ්‍රී ලංකාවාසී බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සමරන්නේ අප්‍රේල් මස 29 වැනිදායි.
එලෙස වෙසක් උත්සවය අප්‍රේල් මාසයට යෙදී තිබීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිධ අදහස් පළ වුණා.
ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, බංගලාදේශය ඇතුළු රටවල් මෙවර වෙසක් දිනය සමරන්නේ අප්‍රේල් මස 29 වනදායි.
අප්‍රේල් මස 30වනදා ඉන්දියාවත් මැයි මස 29 වනදා සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව ඉන්දුනිසියාව ඇතුළු රටවල් කිහිපයක්ද වෙසක් උත්සවය සැමරීමට නියමිතයි.
වෙසක් උත්සවය අප්‍රෙල් 29 වනදාට යෙදී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතාගෙන් ඊයේ ප්‍රශ්න කළා.
ඒ සම්බන්ධයෙන් පොහොය කමිටුව පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.
– ආචාර්ය පුජ්‍ය අකුරටියේ නන්ද හිමි – ජ්‍යෙෂ්ඨ සාමාජික පෝය කමිටුව
– සදු හිර දෙදෙනාගේ ගමන අනුව තමයි සිංහල මාස ක්‍රමය අපේ රටේ ව්‍යාප්තවෙලා තියෙන්නේ ජෝතිශ්‍යයට පදනම් වෙලා තියෙන්නේ. අප්‍රේල් 29 වෙනිදාට 2018 වසරේ පොහොය එළඹීම අහඹුවෙන් සිදුවුණු දෙයක් නෙවෙයි හැම අවුරුදු 19කටම වරක් සිදු වෙන දෙයක්. පෝය නිවාඩුව සම්මත කරමින් පෝය නිවාඩුව නිවාඩුවක් කරමින් බෞද්ධ කොඩිය පළමුවතාවට එසවු පෝය දවසත් අප්‍රේල් මාසේ 28 වෙනිදාට තමයි යෙදුනේ.