Gossips

මෙවර ලෝක රූ රැජින මෙක්සිකෝවෙන්

මෙක්සිකෝ රූ රැජින, මෙවර ලෝක රූ රැජින ලෙස චීනයේ හයිනෑන් දිවයිනේ සන්‍යා හිදී ඊයේ කිරුළු පැළඳුවා.
වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා සේවිකාවක්ද වනවා.
මෙවර ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරතාව තායිලන්ත රූ රැජිනට හිමිවූ අතර, තුන්වන තැන දිනාගත්තේ බෙලරූස් ජනරජයේ රූ රැජිනයි.
ජැමෙයිකා සහ උගන්ඩා රූ රැජිනියන් එහි හතරවන සහ පස්වන ස්ථාන දිනාගත්තා.
බටහිර පොප් සංගීත කණ්ඩායමක සහභාගීත්වයෙන් ඊයේ පැවති වර්ණවත් අවසන් මහ තරගයේදී ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවූයේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් විසින්.
කෙසේ නමුත් මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගයට සහභාගිවූ තමිල්නාඩුවේ 20 හැවිරිදි අනුකීර්ති වාස් ට අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලැබීමට නොහැකිවුණා.