Gossips

මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස්වන ප්‍රධාන අමාත්‍ය ධුර ?

මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස්වන ප්‍රධාන අමාත්‍ය ධුර ?"
අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් වෙයිද ?
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන්නේ දැඩි කථාබහක්.
අද හෝ හෙට මෙම සංශෝධනය සිදුවිය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තාවනවා.
වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලෙසයි මෙය සැළකෙන්නේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරණ අමාත්‍ය ධුර ද ඇතුලුව මේ වනවිට රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 47 ක්.
ඒ අතර ජනාධිපතිවරයා ද ඇතුලුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 ක්.
අග්‍රාමාත්‍යවරයාද ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 32 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබනවා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින අතර, ඉන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 11 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 12 ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 කට සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත් වත්මන් රජය එම සීමාව ඉහළ දමනු ලැබුවේ ජාතික ආණ්ඩු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවයි.