Gossips

මෙරට ශ්‍රම බලකායේ වර්ධනයක්

පසුගිය 2017 වසරේදී මෙරට ශ්‍රම බලකාය, 2016 වසරට සාපේක්ෂව සියයට 3.1කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
වයස අවුරුදු 15ට වැඩි ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණය ලෙස අර්ථ දැක්වෙන ශ්‍රම බලකාය 2016 වසරේදී මිලියන 8.31ක් වූ අතර, 2017 වසරේදී මිලියන 8.56 දක්වා වර්ධනය වී ඇති බවයි මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
ශ්‍රම බලකායේ වර්ධනයත් සමඟ මෙරට සේවා නියුක්ති ජනගහණය ද සියයට 3.3කින් වර්ධනය වී ඇති අතර, සේවා වියුක්තිය පහත වැටී තිබෙනවා.