Gossips

මෙරට විදේශ විනිමය සංචිතය ඇ.ඩො. බිලියන 7ක්

පසුගිය නොවැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
එය මාස 3.7 ක ආනයන සදහා ප්‍රමාණවත් විනිමයක්.
එමෙන්ම, බැංකු ක්ෂේත්‍රයේ විදේශ වත්කම් ඇතුළු මෙරට සමස්ත විදේශ සංචිතය නොවැම්බර් අවසානයේ ඩොලර් බිලියන 9.7 ක් වූ අතර එය මාස 5.2 ක ආනයන සඳහා ප්‍රමාණවත් බව මහබැංකුව ප්‍රකාශ කළා.
මේ අතර, මේ වසරේ ජනවාරි 28 වනදා දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට දශම 6 කින් ශක්තිමත් වී තිබෙනවා.
එමෙන්ම, යුරෝ, ඉන්දියානු රුපියල ඇතුළු අනෙකුත් ප්‍රධාන විනිමය වර්ගවලට එරෙහිව රුපියල අවප්‍රමාණය වී ඇති බවයි මහබැංකුව සදහන් කළේ.
පසුගිය 2018 වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 16.4 කින් පහත වැටුණා.