Gossips

මෙරට යුද රහස් ලිපිගොනු 200ක්, බ්‍රිතාන්‍ය විනාශ කර ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලංකාවේ යුද තොරතුරු ඇතුලත් ලිපි ගොනු 200ක් පමණ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විනාශ කර ඇතැයි එරට පළවන ද ගාර්ඩියන් පුවත්පත හෙළි කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවා ලක් රජයට ලබා දුන් තොරතුරු ඇතුලත් ලිපි ගොනු මෙලෙස විනාශ කර ඇති බවයි එම පුවත්පත අනාවරණය කර ඇත්තේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් එම පුවත්පත විදේශ කාර්යාලයෙන් කරුණු විමසීමක්ද සිදු කර ඇති අතර එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ 1978 – 1980 කාල වකවානුවට අයත් ලිපි ගොනු මෙලෙස විනාශ කළ බවයි.
අදාල ලිපි ගොනු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මේ වන විට නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් ලිපි ගොනු විනාශ කළ ආකාරය, කාල වකවානු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය තොරතුරු හෙළි කර නැහැ.