මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට එක්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව අද කොළඹ වරායෙන් පිටත්ව ගියා.
පසුගිය දෙසැම්බර් 20 වනදා සිට මෙරට මුහුදු සීමාවේ රැඳී සිටි එම නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු සීමාව සිතියම් ගත කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
