Gossips

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනලතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදියි.
ධීවරයින්ට අමතරව ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා 3ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතයි.