Gossips

මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි

කොට්ටාව – මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (31) පස්වරුවේ විවෘත කෙරුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000ක්. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ පහසුකම් සහ දුම්රිය පහසුකම්වලින් සමන්විතයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට ප්‍රවිශ්ඨ වන වාහන මෙම ස්ථානයේ නවතා එතැන් සිට දුම්රිය හෝ බස් රථ භාවිත කරමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව හිමි වනවා.
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වහලය මත ඉදිකර ඇති සූර්ය කෝෂ මගින් කිලෝවොට් 180ක් විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන අතර, මධ්‍යස්ථානයේ සියලූම බලශක්ති අවශ්‍යතා එමගින් සපුරා ගැනීම විශේෂත්වයක්.