Gossips

මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩාව අර්ධ වෘත්තීයභාවයකින් යුක්තයි

මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩාව අර්ධ වෘත්තීයභාවයකින් යුක්ත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.
මේ හේතුව නිසා ජාත්‍යන්තරයට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ඔවුන් ගැටලුකාරී තත්ත්වයට මුහුණ දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
අපගේ පළමු පෙළ ක්‍රිකට් තවමත් පවතින්නේ අර්ධ වෘත්තීය මට්ටමේ. ක්‍රීඩකයන් වැඩට ගිහින් හවස 5ට ඇවිල්ලා තමයි පැය එක හමාරක් පමණ ක්‍රීඩා කරන්නේ. එමගින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහි කරන්න බැහැ. එම ආකෘතිය සකස් කරන තෙක් අපිට වෙන්නේ අනිත් අය පසුපස යන්න. අපි මේ වෙනස ඉල්ලන්නේ වසර 10ක 15 ක සිට. නමුත් එය සිදුවුණේ නැහැ. ඔවුන්ගේ තර්කය තමයි අපි මෙම ආකෘතියෙන් ක්‍රීඩකයන් බිහි කළා. ලෝක කුසලාන දෙකක් දිනුවා. අතීතයේ එම ආකෘතිය සාර්ථක වුණා කියන්නේ අනාගතයේත් එහෙම වෙනවා කියන එක නෙමෙයි. ඔවුන් එම අවදානම ගන්නවා නම්, ඔවුන්ට මම සුබ පතනවා.