මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු සූරියවැව – බැද්දේවැව නුගේකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු හෙට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර
