පයාගල, කටුකුරුඳුගහලන්ද ප්රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පයාගල පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු කටුකුරුඳුගහලන්ද, පොතුවිල, පයාගල ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 03ක් සහ හිස් පතොරම් කොපුවක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
සැකකරු අද (27) කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
