Gossips

මෙරට තුළ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යා ඒකකයක් ආරම්භ කිරීමට පියවර

බෝවන සහ බෝ නොවන රෝග සඳහා ජාන වලට අදාළ ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරීමේ අරමුණින් ජාන තාක්ෂණය ඒකකයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ තීරණයක් අනුව මෙම ඒකය පිහිටුවීම පිළිබඳ යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බවයි.
පිළිකා රෝගී තත්ත්වයන් කලින් අනාවරණ කර ගැනීම හා කළමනාකරණය, බහු සාධක රෝග, තැලසීමියාව සහ හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සඳහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.