Gossips

මෙරට උෂ්ණත්වය වසර 140ක වාර්තා අලූත් කරයි

වසර 140 කට පසු වාර්තා වන වැඩි උණුසුම් කාලගුණයක් මේ වනවිට දිවයිනට බලපා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම, එල්නිනෝ තත්ත්වය ද මීට බලපා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, පසුගිය වසර 30 ට සාපේක්ෂව වයඹ, උතුර, උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4 ත්, අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
එසේම, දිවයිනේ අනෙකුත් පළාත්වල ද උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුව ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න කියා සිටියේ.
පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ ශරීරය සිසිල්ව තබා ගැනීමට අවධානය යොමු කළ යුතු වනවා.