ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද අනුරාධපුරයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුවට වසර 3 ක් සපිරීම නිමිත්තෙන් දානමය පිංකමක් අද (14) අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර – මිරිසවැටිය පුජා භූමියේදී පැවැත්වුණා.
අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය සහ ශෛලමය පොකුණ විවෘත කිරීම හා ලෝවාමහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය සදහා මුල්ගල තැබීම ද සිදුකෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
