Gossips

මෙතෙක් ක්‍රිකට් පිටියේ නොදුටු අමුතුම පන්දු යැවීමක් මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිද අලුත් සොයාගැනීම් අපිට දක්නට ලැබෙනවා.
ඩිල්ස්කූප් පහර ඒ අතරින් අපි මෑත යුගයේ දුටු හොදම උදාහරණයක්.
ඒ වෙගේම අපි ක්‍රිකට් පිටියේ පිතිකරුවන් සිය පන්දුවට පහරදෙන පැත්ත ඉතා කෙටි කාලයක් තුල වෙනස් කරමින් එල්ල කරන switch hit පහරද දැක තිබෙනවා.
එම switch hit පහරට සමාන අයුරුන් පන්දු යවන්නට පෙර අංශක 360ක් කැරකී පන්දු යවන ක්‍රීඩකයෙක් පිළිබඳව ඉන්දියාවේ කනිෂ්ඨ ක්‍රිකට් තරඟයකදී දක්නට ලැබුණා.
එම පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.