Gossips

මෙත්සඳ සෙවනේ නිවාස 722ක් ජනපති අතින් විවෘත වෙයි

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය – හේනමුල්ල – ‘‘මෙත් සඳ සෙවණ’’ මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ඊයේ පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.
නිදන කාමර දෙකකින් සහ සියලූ මූලික පහසුකම්වලින් සමන්විත මෙම නිවාස ඒකකය මහල් 15 කින් යුක්තයි.
නිවාස ඒකක 50,000 ක් ඉදිකිරීමේ ඉලක්කය මත මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයුම මත මෙම නිවාස ඉදිකර තිබෙනවා.