Gossips

මෙක්සිකෝ – ඇමරිකා දේශසීමා අර්බුදය විසදන්න ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥා

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමා අර්බුදය කඩිනමින් විසදීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මාධ්‍ය ඔස්සේ එරට ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දේශසීමාවේ පවතින මානුෂීය හා ආරක්ෂක අර්බුදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් ඉදිකිරීමට පොරොන්දු වූ අතර ඊට අවම වශයෙන් ඩොලර් බිලියන 5ක මුදලක් වැය වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.