Gossips

මෙක්සිකෝවේ සමූහ ඝාතනයක්

මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළට මුහුණලා පිහිටි වෙරකෲස් ප්‍රදේශයේ අවහන්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු සොයා මත්පැන් අවහන්හලකට පැමිණි ඔහු ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ඇති බව සදහන්.
එහිදී පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබූ පුද්ගලයා ද එම නගරයේ මත්පැන් අවන්හලක හිමිකරුවෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙක්සිකෝවේ මෙවැනි ඝාතන නිරන්තරයෙන් වාර්තා වන අතර, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඊට හේතුවී තිබෙනවා.
2006 වසරේ සිට මේ දක්වා මෙක්සිකෝවේ ප්‍රචන්ඩත්වයෙන් සිදුවූ ඝාතන දෙලක්ෂයකට අධිකයි.