මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ සිහුආට්ලන් නගරයට කිලෝමීටර් 88ක් නිරිතදෙසින් සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ. පැසිෆික් ගිනි වළල්ලට අයත් මෙක්සිකෝවේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.