දකුණුදිග මෙක්සිකෝවේ අද සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් එහි අගනුවර වන මෙක්සිකෝ – සිටි හි ගොඩනැගිලි රැසක් සසල වී තිබෙනවා.
අගනගරයට කිලෝමීටර් 350ක් ඈතින් සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණය අනුව 7.2ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටි ඔවක්සාකා නගරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බව සඳහන්.
කෙසේ නමුත්, මේ නිසා ජීවිත හානි සිදුව ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ.