Gossips

මූල ඓතිහාසික යුගයේ ජනාවාසයක තොරතුරු හෙළිවේ

මන්නාරම – යෝධ වැව පිටවාන ආශ්‍රිතව මූල ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක තොරතුරු අනාවරණ කරගැනීමට රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සමත්ව තිබෙනවා.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත්වෙමින් පැවති මෙම භූමියේ කැණීම් කටයුතු ආරම්භ කර ඇත්තේ කථිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාලගේ ප්‍රධානත්වයෙන්.
මෙතෙක් සිදුකළ කැණීම් කටයුතුවලදී මූල ඓතිහාසික යුගයේ කාලරක්ත මැටි බඳුන්, පබළු සහ කෝව සොයාගෙන තිබෙනවා.
මෙම ස්ථානයට කිලෝමීටර 15 ක් දුරින් පිහිටි මාතොට වරාය පිහිටා ඇති අතර, ඒ හා බැඳුණු ප්‍රධාන මාර්ගය ඔස්සේ අතීතයේදී වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස මන්නාරම – යෝධ වැව පිටවාන ආශ්‍රිත ප්‍රදේශය යොදාගෙන ඇති බව කැණීම්වලදී හෙළි වී ඇති කරුණක්.