Gossips

මූඩිස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිතයි – මහ බැංකුව

මූඩිස් ආයෝජන සේවා ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් සහිත ණය ශ්‍රේණිගත කිරීම බී දෙක මට්ටම දක්වා පහත හෙළීම සාධාරණ නොවන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.
රටේ සාර්ව ආර්ථික මූලධර්ම එමඟින් නිසි අයුරින් පිළිබිඹු නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.
පවතින දේශපාලන තත්ත්වය මත වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහීමට ලක්වීමක් හෝ ප්‍රතිපත්තිවල කිසිදු පසුබෑමක් සිදුවී නොමැති බවද මහ බැංකුව ප්‍රකාශ කරනවා.
රටේ දැනට පවතින සංචිත ප්‍රමාණය ඉදිරි කාලයේ විදේශීය ණය පියවීමට ප්‍රමාණවත් වන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.