Gossips

මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා

මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා "
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා.
සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර,
තොරතුරු වාර්තා වන්නේ ඉන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරය සිදුකරන ආකාරය පටිගතකර ඇති අතර මේ වනවිට එය අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම දර්ශන පෙළ පහතින්.
සංවේදී පුද්ගයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.
rnrnrnrn
මේ අතර අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.
එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන ටෙස්ට් තරඟයද අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.