සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද (15) ආරම්භ වනවා.
ඒ, බංග්ලාදේශයේ මීර්පූර් හි ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදියි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන ඩකා – මීර්පූර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිළට වාසිදායක වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.
2014 වසරේ ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ මෙම ක්රීඩාංගණයේදියි.
බංග්ලාදේශය – මීර්පූර් ක්‍රීඩාංගණයේ සහභාගි වූ විස්සයි විස්ස තරඟ 19කින් 12ක්ම පරාජයට පත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 7ක් පවත්වා ඇති අතර, ඉන් 5ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, දෙකක ජය හිමි වූයේ බංග්ලාදේශයටයි.
අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම පහතින්.
Bangladesh :
1 Tamim Iqbal/Mohammad Mithun,
2 Soumya Sarkar,
3 Afif Hossain,
4 Mushfiqur Rahim (wk),
5 Sabbir Rahman,
6 Mahmudullah,
7 Ariful Haque,
8 Mohammad Saifuddin,
9 Mahedi Hasan/Nazmul Islam,
10 Mustafizur Rahman,
11 Rubel Hossain
Sri Lanka :
1 Upul Tharanga,
2 Niroshan Dickwella (wk),
3 Danushka Gunathilaka,
4 Dinesh Chandimal (capt),
5 Asela Gunaratne,
6 Thisara Perera,
7 Dasun Shanaka,
8 Akila Dananjaya,
9 Isuru Udana,
10 Amila Aponso,
11 Shehan Madushanka