Gossips

මුළු රටම බලා සිටින ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අදයි

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම 'හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, අනුව 'හිරු STAR අවසන් මහා තරඟය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට අද සවස 6.00 සිට සජීවීව නැරඹීමටද අවස්ථාව හිමිවනවා.
ටෙලිවිෂන් වැඩසටහන් කලාව සුවිශේෂි මඟකට යොමු කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු STAR නිර්මාණාත්මක අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනට ගායන හැකියාව ඇති තරුණ තරුණියන් රැසක් සහභාගී වී සිටි අතර මේ වන විට අවසන් මහා තරඟයට තරඟ වැදීමට අති දක්ෂයින් සිව් ‌දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
පසුගියදා පැවති Hiru Star – Ticket To Finale තරඟ අතරින් ජනතාවගේ මනාපයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ එම තරගකරුවන් වන්නේ බටපොළ – මංගල ඩෙනෙක්ස් , වෙන්නප්පුව – ෂම්මි ප්‍රනාන්දු , දිවුලපිටිය – අමිල කාවින්ද සහ මීගමුව – සුජාන් ප්‍රනාන්දුයි.
හිරු STAR අවසන් මහා තරඟයේදී ජයග්‍රාහකයාට හිරු STAR කුසලානය සමග මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් සහ මුදලින් මිලියනයක් , ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් ජයග්‍රාහකයාට හිමිවෙනවා.