Gossips

මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කළින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට

මුළු රටම කම්පා කරවූ මාතර සිසුවාගේ ඝාතනය වෙන්න කළින් මාතර බස් නැවතුම්පොළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝව එළියට "
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු පිරිසක් සිද්ධිය වූ දින උදෑසන මාතර බස් නැවතුම්පොළේදී ඝාතනයට ලක්වූ සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුන් තුන්දෙනා ලබන 10 වනදා දක්වා ඊයේ (03) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය හමුවට ඔවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදී.
මාතර – ඇළවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී මෙම පහරදීම සිදුවුණේ පසුගිය 24 වැනිදායි.
යතුරුපැදියකින් පැමිණ මග රැක සිටි සිසුන් තිදෙනෙකු, සිද්ධියෙන් මියගිය රසිඳු ගිම්හාන් සිසුවාට සහ ඔහුගේ මිතුරන්ට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්වී තිබුණා.
ඝාතන සිද්ධිය සිදුවූ දිනයේ උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ තුලදීද ඝාතනයට ලක්වූ සිසුවාට සැකකාර සිසුන් ඇතුළු පිරිසක් පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.

එසේම මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ද මේ වනවිට උපකාරක පන්ති සහ වෙනත් කටයුතු වලට යන බව පවසා නිවෙස්වලින් පිටවන පාසල් සිසුන් අනාචාරයේ හැසිරෙන ස්ථානයක් බවට පත්ව ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු නොවුනහොත් මෙවැනි අපරාධ වලට පාසල් සිසුන් පෙළඹවීමේ වැඩි අවදානමක් එහි ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.