බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළුවිය හැකි බැවින් අද (12) සහ හෙට (13) ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
ගිණිකොණ සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති "ගජා" ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශය වෙත ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
