පසුගිය 25 වනදා පොතුවිල් ප්රදේශයට ආසන්න මුහුදේදී අනතුරට ලක් වූ නතාලියා ධීවර බෝට්ටුව අද අලුයම දෙවිනුවර ධිවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.
මෙම යාත්රාව ධීවර කටයුතු සඳහා පසුගිය 23 වනදා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යාත්රාව පොතුවිල් මුහුදේ දී තවත් නෞකාවක ගැටීමෙනුයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අනතුරට ලක්වූ යාත්රාව වරායට ගෙන එමෙන් පසු එහි සිටි ධීවරයින් දෙදෙනෙක් ප්රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නතාලියා ධීවර යාත්රාවේ ගමන් කළ ධීවරයන් පවසන්නේ නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ධිවර බෝට්ටුවේ ඇති සංඥා පද්ධතියට හසු නොවූ බවයි.
අනතුර සිදු කළ නෞකාව මේ වන විට ත්රිකුණාමලය වරායේ අත්අඩංගුවේ පවතිනවා.