Gossips

මුහුදේ සුළං වේගය තරමක් ඉහළට

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය තරමක් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව පුත්තලම සිට කොළඹ මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළෙඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
මේ අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.