Gossips

මුහුදේ සුළං වේගය ඉහළට, අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්

මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එමෙන්ම අද (12) පස්වරු 2න් පසු බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවද ඔවුන් දැනුම් දෙනවා.