දිවයිනට නැගෙනහිරින් සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත්, සුළෙඟ් වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ නිසා ක්ෂණිකව මුහුදු රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම්දී ඇත්තේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.