Gossips

මුහුදේ රළු ස්වභාවය ගැන අනිසි බිය එපා

බස්නාහිර, දකුණ සහ ගිනිකොන දෙසින් වන මුහුදේ රළු ස්වභාවය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පහල වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයත් සමඟ මුහුදු ජලයේ ඇතිවන කැළඹීමක් හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙලෙස උස් මුහුදු රළ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.