හලාවත මුහුදේ දියනෑමට පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
එම පුද්ගලයාගේ පුත්‍රයා ද දියේ ගිලී අතුරුදන්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දිය නෑමට පැමිණි පිරිසක් අතර සිටි තුන්දෙදෙනෙකු මෙලෙස මුහුදු රළට හසුවී ඇති අතර එහි සිටි ධීවර තරුණයන් පිරිසක් දෙදෙනෙකු බේරාගෙන ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී එක් අයෙක් මරණයට පත්ව තිබෙනවා.
ඔහු මාතලේ ඇල්කඩුව 46 හැවිරිදි පුද්ගලයෙක්.
අතුරුදන්වු 17 හැවිරිදි තරුණයා සොයා විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
ඡායාරූප – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
