මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (12) රාත්‍රියේ සිට අද (13) උදෑසන දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම ධීවරයින් සමඟ ට්‍රෝලර් යාත්‍රා 3 ක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔවුන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී සහ තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම ඉන්දීය ජාතික ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.