නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු කල්පිටිය – කදිරමලේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවත් සමඟ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේයි.
තමිල්නාඩුවේ පදිංචි මෙම ධීවරයින් 8 දෙනා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
