මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යාපනය – ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදාව ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
තමන් පැමිණි බෝට්ටුව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදේ පාවෙමින් සිටියදීයි මෙම පිරිස නාවික හමුදාව මුදා ගනු ලැබුවේ.
අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් අද යාපනය – ධීවර පරීක්ෂක කාර්යාලය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
