Gossips

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා ගිය ලාංකිකයන් 131 ක් මැලේසියාවේ දී අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙකු මැලේසියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයන් 98 ක්, කාන්තාවන් 24 ක් සහ ළමුන් 7 දෙනෙකු ඒ අතර වන බවයි හෙළිවී ඇත්තේ.
විදෙස් වාර්තා සඳහන් කළේ මොවුන් විශේෂයෙන් නවීකරණය කළ ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි.
ස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යාමට නියමිතව තිබූ යාත්‍රාවට ළඟාවීම සඳහා මෙම සංක්‍රමණිකයන් බෝට්ටුවකින් ප්‍රවාහනය කළ ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියානු පොලිසිය සඳහන් කර ඇත්තේ වසරකට පමණ කාලයකට පසු හෙළිවූ විශාලතම අනවසර සංක්‍රමණික ජාවාරම මෙය බවයි.