Gossips

මුහුදු ප්‍රදේශවල අද සිදුවන වෙනස

දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.