බටහිර අප්‍රිකාවේ ගිනියා බොක්ක අසළ දී පසුගිය පෙබරවාරි 1 වන දා අතුරුදන් වූ ඉන්ධන නෞකාව සහ එහි ඉන්දීය නැවියන් විසි දෙදෙනා මුහුදු කොල්ලකරුවන් විසින් මුදා හැර ඇති බව වාර්තා වනවා.
පැනමාවේ ලියාපදිංචි බටහිර ඇන්ග්ලෝ – ඊස්ටන් සමාගමට අයත් මැරීන් එක්ස්ප්‍රස් නැමැති මෙම නෞකාව මගින් තෙල් ටොන් 13,500ක් ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන්.
නැවියන් සමඟ නෞකාව මුහුදු කොල්ලකරුවන් විසින් නිදහස් කළ අතර, එහි ඉන්ධන තොගය එලෙසින්ම පවතින බවයි අදාළ සමාගම ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් ඒ සඳහා ඔවුන් විශාල කප්පම් මුදලක් ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.