මන්නාරම වෙරලේ තීරයේදී නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 302 නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. 
අද උදෑසන මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගනු ලැබුවේ ඩිංගි යාත්රාවක මළු 12 ක අසුරා තිබියදියි. 
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම  මුහුදු කූඩැල්ලන් තොගය යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



