කල්පිටිය – මොහොත්තුවාරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 42 සහ 44 වියේ පසුවන උකුවෙල සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
