Gossips

මුහුදුබඩ ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මෙම ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
මේ හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමට හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔවුන් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.