Gossips

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය පානදුරට සිමා කෙරේ

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, පස්වරුවේ ගාල්ල සහ මාතර දක්වා ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය පානදුර දක්වා පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.