Gossips

මුහුදුබඩ දුම්රිය ධාවනය තවමත් ප්‍රමාදයි

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වජිර සමන් පොල්වත්තගේ කියා සිටියේ දකුණු කළුතර දුම්රිය ස්ථානය සහ කළුතර පාලම අතර ප්‍රදේශයේදී අද (28) උදෑසන ගාල්ල සිට පැමිණි අංක 380 දරණ කාර්යාල දුම්රිය මෙලෙස පීලිපැන ඇති බවයි.
මේ නිසා කොළඹ – කොටුවෙන් මාතර දක්වා ධාවනය වන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වාත්, මාතරින් කොළඹ දක්වා පැමිණෙන දුම්රිය අලුත්ගම දක්වාත් සීමා කර තිබෙනවා.