මුහුණ පොතෙන් ජාතිවාදය ඇවිස්සූ සිසුවා යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කර ඇත.
මෙම චෝදනාවට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට මෙම අධිකරණයෙන් ඇ ප ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මෙම සිසුවා තරුණ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.