පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සහ සමස්ත ශ්‍රී ලංකා පොලීසියට අපහාස වන පරිදි මුහුණු පොතේ ප්‍රකාශ සටහන් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මෙලෙස අපහාසාත්මක වැකි සහ වදන් ඔහු විසින් පළ කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව පිටිගල පොලීසියේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු නාරන්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද පිටිගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
